Gossips

Update – විනාශ කිරීමට සැරසෙන කොකේන් තොගය මහේස්ත්‍රාත්වරුන්ගේ නිරීක්ෂණයට

අද (01) දින විනාශ කර දැමීමට සූදානම් වන කොකේන් කිලෝග්‍රෑම් 765කට අධික තොගය මහේස්ත්‍රාත්වරුන්ගේ නිරීක්ෂණයට ලක්ව තිබෙනවා.
ඒ සඳහා කොකේන් තොගය විනාශ කෙරෙන කැළණිය – මගුරුවෙල පිහිටි ගබඩා සංකීර්ණයට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සහ ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා පැමිණි ඇති බවයි වාර්තා වන්නේ.

Update :- Monday, April 1, 2019, 10.26 AM
—————————————————–
කිලෝ 765කට වැඩි කොකේන් විනාශකර දැමීමට සියල්ල සුදානම්
කොකේන් කිලෝග්‍රෑම් 765කට අධික ප්‍රමාණයක් දිය කර, විනාශ කර දැමීම මේවන විට සියල්ල සුදානම් කර තිබෙනවා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නියමයකට අනුව මෙලෙස විනාශ කරනු ලබන්නේ අධිකරණ ක්‍රියාවලිය අවසන් වූ මත්ද්‍රව්‍ය තොගයකුයි.
එය දැක බලා ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද එක්වනු ඇති.
කැළණිය – මගුරුවෙල පිහිටි සුරවීර ගබඩා සංකීර්ණයේ දී මත්ද්‍රව්‍ය දියකර පුත්තලමේ සිමෙන්ති කම්හල වෙත රැගෙන ගොස් එම ද්‍රාවණය දහනය කිරීමට නියමිතයි.
මේ ආකාරයට පසුගිය වසරේ ජනවාරි මස 15 වන දා ද කොකේන් මත්කුඩු කිලෝග්‍රෑම් 926ක ප්‍රමාණයක් ප්‍රසිද්ධියේ විනාශ කෙරුණු අතර, ඒවා 2016 වසරේ දෙසැම්බර් 9 වන දා කොළඹ වරායට පැමිණි නෞකාවකින් සොයා ගත් මත්ද්‍රව්‍යයයි.