Gossips

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනයේ ගින්නක්

කොළඹ – විජේරාම මාවතේ පිහිටි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනයේ ගොඩනැගිල්ලක අද පෙරවරුවේ ගින්නක් හටගත්තා.
ගින්න නිවීම සඳහා ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවෙන් රථ දෙකක් යොදවා තිබූ අතර, මේ වනවිට ගින්න නිවා දමා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
විදුලි කාන්දුවක් ගින්නට හේතුවන්නට ඇති බවට සැකකෙරෙන අතර කිසිවෙකුටත් හානි සිදුවී නැහැ.