Gossips

මහවෙලදී සිදුවූ අනතුරකින් දෙහැවිරිදි දරුවෙකු මරුට

මහවෙල – පිහිල්ලවත්ත – උතුරු මාතලේ ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ජේ සී බී යන්ත්‍රයක් උපයෝගී කරගනිමින් එම ප්‍රදේශයේ ගෙපළකට පස් පුරවමින් සිටියදී එම ස්ථානයේ තිබූ පොල් මුලක් පෙරළී ගොස් අසළ නිවසේ සිටි මෙම දරුවා යටවී ඇති බවයි.
ඊයේ සිදුවූ මෙම අනතුරෙන් මියගිය කුඩා දරුවාගේ වයස අවුරුදු 2 යි මාස 3 ක් වනවා.
අනතුර සම්බන්ධයෙන් ජේ.සී.බී. යන්ත්‍රයේ රියදුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා.