Gossips

අත්අඩංගුවට ගත් කොකේන් කිලෝ 729ක් විනාශ කිරීම අද

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මෙතෙක් සොයා ගනු ලැබූ කොකේන් කිලෝග්‍රෑම් 765කට අධික ප්‍රමාණයක් දිය කර, විනාශ කර දැමීම අද සිදුකෙරෙනවා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නියමයකට අනුව මෙලෙස විනාශ කරනු ලබන්නේ අධිකරණ ක්‍රියාවලිය අවසන් වූ මත්ද්‍රව්‍ය තොගයකුයි.
එය දැක බලා ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද එක්වනු ඇති.
අද පෙරවරුවේ කැළණිය – මගුරුවෙල පිහිටි සුරවීර ගබඩා සංකීර්ණයේ දී මත්ද්‍රව්‍ය දියකර පුත්තලමේ සිමෙන්ති කම්හල වෙත රැගෙන ගොස් එම ද්‍රාවණය දහනය කිරීමට නියමිතයි.
මේ ආකාරයට පසුගිය වසරේ ජනවාරි මස 15 වන දා ද කොකේන් මත්කුඩු කිලෝග්‍රෑම් 926ක ප්‍රමාණයක් ප්‍රසිද්ධියේ විනාශ කෙරුණු අතර, ඒවා 2016 වසරේ දෙසැම්බර් 9 වන දා කොළඹ වරායට පැමිණි නෞකාවකින් සොයා ගත් මත්ද්‍රව්‍යයයි.