Gossips

ඕස්ට්‍රේලියාවට අභියෝගයක්ව තිබූ ආසියාවේ අභිමානය පාකිස්ථානය ඉදිරියේ දියකර දමයි

ආසියාවේදී වාර්තා කළ විශිෂ්ඨතම එක්දින තරඟාවලි ජය වාර්තා කරන්නට ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ සමත් වුණා.
ඒ පාකිස්ථානය සමඟ පැවති පස්වන සහ අවසන් එක්දින තරඟය ලකුණු 20කින් ජය ගනිමින්.
මෙම ජයග්‍රහණයත් සමඟ තරඟ 05කින් සමන්විත එක්දින තරඟාවලිය තරඟ පහට බිංදුවක් ලෙස ඕස්ට්‍රේලියාවට ජය හිමි වුණා.
මෙම තරඟාවලි ජයග්‍රහණය ඕස්ට්‍රේලියානු කණ්ඩායම ආසියාවේදී එක්දින තරඟාවලියක් තරඟ පහට බිංදුවක පූර්ණ ජයග්‍රහණයක් ලැබූ පළමු අවස්ථාව වනවා.
කාසිය වාසිය දිනූ පාකිස්ථානයේ ආරාධනයෙන් තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානුකණ්ඩායම නියමිත පන්දුවාර 50 තුල කඩුලු 07කට ලකුණු 327ක් රැස් කළා.
එහිදී උස්මාන් කවාජා ලකුණු 98ක් රැස් කළ අතර වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ග්ලේන් මැක්ස්වෙල් පන්දු 33කදී රැස්කළ ලකුණු සංඛ්‍යාව 70ක්.
ඔහුගේ ඉනිමට හයේ පහර 03ක් සහ හතරේ පහර 10ක් ඇතුළත්.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්ථාන කණ්ඩායමට නියමිත පන්දුවාර 50 තුල කඩුලු 07කට රැස් කරගත හැකි වුයේ ලකුණු 307ක් පමණයි.
පාකිස්ථානය වෙනුවෙන් හැරිස් සෝහිල් ලකුණු 130ක් රැස් කළ ද ඔහුගේ ඉනිම පාකිස්තානයේ ජයග්‍රහණයට ප්‍රමාණවත් වුයේ නැහැ.
තරඟාවලිය පුරා පිත්තෙන් දස්කම් පෑ ඕස්ට්‍රේලියානු කණ්ඩායාමේ ආරොන් ෆින්ච් තරඟාවලියේ වීරයා බවට පත්වූ අතර අවසන් තරඟයේ වීරයා වුණේ ග්ලේන් මැක්ස්වෙල්.