දකුණු නේපාලයේ බාරා දිස්ත්‍රික්කය සහ ඒ අවට ඇතිවූ කුණාටු තත්ත්වයකින් පුද්ගලයින් 25 දෙනෙකු මියගොස් 400 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් නේපාල අගමැති කේ.පී. ෂර්මා ඕලි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සිය ශෝකය ප්‍රකාශ කර තිබෙනවා.
සාමාන්‍යයෙන් වසන්ත කාලය, නේපාලයට දරුණු කුණාටු තත්ත්වයන් ඇති නොවන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.