Gossips

අරලියගහ මන්දිරයේ, ඇමරිකානු කාර්යාලය ගැන, ආණ්ඩුවේ අභියෝගයට විමල්ගෙන් පිළිතුරු

මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් නැමති ඇමරිකානු රාජ්‍ය ආයතනයේ ශ්‍රී ලංකා කාර්යාලය අරලියගහ මන්දිරය තුළ ස්ථාපිත බවට ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අද (31) මාධ්‍ය වෙත සාක්ෂි ඉදිරිපත් කරනු ලැබුවා.
ඒ, මෙම කාර්යාලය අරලියගහ මන්දිරය තුළ පිහිටුවා ඇති බවට හැකිනම් ඔප්පුකර පෙන්වන ලෙසටත්, එසේ නොවන්නේ නම් මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වන ලෙසටත් පසුගියදා අමාත්‍ය සාගල රත්නායක පාර්ලිමේන්තුවේදී විමල් වීරවංශ මන්ත්‍රීවරයාට එල්ල කළ අභියෝගයට අනුවයි.
දංකොටුව ප්‍රදේශයේ අද (31) පැවති ජනහමුවකදී අග්‍රාමාත්‍ය කාර්යාලයේ ලිපි ශීර්ෂය යටතේ යැවූ නිල ලිපියක් උපුටා දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අදහස් පළ කළා.