Gossips

තලෙයිබාන් ප්‍රහාරයකින් ඇෆ්ගන් පොලිස් නිලධාරීන් 9 දෙනෙකු මරුට

ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර ගාස්මි නගරයේ දී තලෙයිබාන් සටන්කාමීන් පිරිසක් එල්ල කළ ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් 9 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
පොලිස් නිලධාරීන් මුරපොළක් වෙත යමින් සිටියදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
2014 වසරේ සිට මේ දක්වා කාලය තුළ තලෙයිබාන් සටන්කරුවන් සමඟ ඇති වූ ගැටුම්වලින් ඇෆ්ගන් ආරක්ෂක අංශ සාමාජිකයින් 45,000කට වැඩි පිරිසක් මිය ගොස් තිබෙනවා.