කොළඹ ප්රදේශ කිහිපයකට ක්රියාත්මක කළ පැය විසිහතරක ජල කප්පාදුව අද පෙරවරුවේ අවසන් වුවද ඇතැම් ප්රදේශවල ජල සැපයුම යථා තත්වයට පත්වීමට තවත් පැය කිහිපයක් ගතවනු ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
උස් ප්රදේශ වෙත ජලය ලැබීමට යම් කාලසීමාවක් ගතවීම ඊට හේතුවයි. වැල්ලවත්ත, බම්බලපිටිය, කෝට්ටේ සහ නුගේගොඩ යන ප්රදේශවල ජල සැපයුම මේ දක්වා යථා තත්ත්වයට පත්වී නොමැති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.