Gossips

අගමැතිට එරෙහි විශ්වාසභංගයකදී රට ගැන සිතා තීරණයක් ගන්න නිදහස් පක්ෂය සූදානම්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ගෙන එන බව කියන විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් නිදහස් පක්ෂය මධ්‍යම කාරක සභාවේදී තීරණයක් ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ නව සභාපතිවරයා වැඩ භාරගැනීමේ අවස්ථාවට අද එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදින් නැගු ප්‍රශ්න වලට පිලිතුරු ලබා දෙමින්.
එහිදී රට ගැන සිතා මධ්‍යම කාරක සභාවේදී තීරණයක් ගන්නා බවද අමාත්‍යවරයා කියා සිටියා.