Gossips

ශ්‍රී ලාංකිකයින් 915 දෙනෙකුට ද්විත්ව පුරවැසි භාවය

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් 915 දෙනෙකුට ද්විත්ව පුරවැසිභාවය ලබාදීමට අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
ඇමරිකාව, එක්සත් රාජධානිය, කැනඩාව, ප්‍රංශය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය, නවසීලන්තය, ඩෙන්මාර්කය සහ ස්වීඩනය ඇතුලූ රටවල් කිහිපයක පුරවැසිභාවය ලබා සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසකටයි මෙලෙස ද්විත්ව පුරවැසිභාවය හිමිවුණේ.
2015 මාර්තු 23 වනදා සිට මේ දක්වා පුද්ගලයින් 36,080 දෙනෙකුට ද්විත්ව පුරවැසිභාවය ලබාදීමට අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව ඊයේ දිනයේ මෙලෙස ද්විත්ව පුරවැසිභාවය ලැබූ ශ්‍රී ලාංකිකයින් 915 දෙනාද ඇතුලූව ද්විත්ව පුරවැසිභාවයට හිමිකම් කියන ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව 36,985 ක්.
ශ්‍රී ලංකාව තුළ ද්විත්ව පුරවැසිභාවය ලබාදීමේ ක්‍රමවේදය ආරම්භ කර ඇත්තේ 1987 වර්ෂයේදියි.