Gossips

බෙංගාල බොක්කේ කැළඹීම් ගැන අලූත් හෙළිදරව්වක්

බෙංගාල බොක්කේ සිදුවන කැළඹීම් සම්බන්ධයෙන් නව වාර්තාවක් ඉදිරිපත් කිරීමට නාරා ආයතනය සූදානම් වනවා.
ඒ වසර හතරහමාරක් තිස්සේ බෙංගාල බොක්ක ආශ්‍රිත ගැඹුරු මුහුදේ ස්ථාපිත කර තිබූ අධි පීඩන එකෝ සවුන්ඩ් යන්ත්‍ර දෙකක් මගින් විශ්ලේෂනය කළ මුහුදු රළ වෙනස්වීම් ඇසුරෙන්.
මෙම එකෝ සවුන්ඩ් යන්ත්‍ර ගැඹුරු මුහුදේ මීටර 2,000 ක් සහ මීටර 800 ක් ගැඹුරින් ස්ථාපිත කරනු ලැබුවේ 2015 වසරේ මුල් භාගයේදියි.
පසුගිය කාලසීමාව තුළ එම අධිපීඩන එකෝ සවුන්ඩ් යන්ත්‍ර මගින් බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු කලාපයේ ඉතා සියුම් මුහුදු රළ වෙනස්වීම් පටිගත කර තිබෙනවා.
මේ වනවිට ගොඩට ගෙන ඇති එම යන්ත්‍රවල පටිගත වී ඇති දත්ත ඉවතට ගෙන දීර්ඝ පරීක්ෂණයක් සිදුකිරීමට සැළසුම් කර ඇත්තේ.
මෙම පරීක්ෂණ සඳහා ඇමරිකාවේ ජල ශාස්ත්‍රීය අංශය පිළිබඳ විශේෂ ආයතනයක සහය ලබාගැනීමටද නියමිතයි.
බොහෝවිට සෑම වසරකම එක් කාලසීමාවකදී බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු සීමාවේ කැළඹීම් සිදුවන අතර, මෑතක සිට හදිසි කැළඹීම්ද ශ්‍රී ලංකාවට බලපෑම් ඇති කළා.
නාරා ආයතනය පවසන්නේ මෙම නව පර්යේෂණ වාර්තාව එළි දැක්වීමෙන් පසු බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු රළවල වෙනස්වීම් සිදුවන කාලසීමාවන් පැහැදිළිවම ප්‍රකාශ කිරීමේ හැකියවක් ලැබෙනු ඇති බවයි.
එමගින් කාලගුණ වෙනස්වීම් මෙන්ම මත්ස්‍ය අස්වැන්න වැඩි වශයෙන් ඇති කලාප පිළිබඳවද සාර්ථක අනාවැකි ඉදිරිපත් කළ හැකිවීම විශේෂත්වයක්.