Gossips

ස්ලොවැකියාවට ජනපතිවරියක්

නැගෙනහිර යුරෝපීය ස්ලොවැකියා රාජ්‍යයට ප්‍රථම වරට රාජ්‍ය නායිකාවක් පත්වී තිබෙනවා.
ඒ, එරට ජනාධිපතිවරණයෙන් ජයගත් සුසානා කපුටෝවා නැමති 45 හැවිරිදි නීතීඥවරියයි.
දරුවන් දෙදෙනෙකුගේ දික්කසාද මවක් වූ ඇය, නිදහස් මතධාරී ස්ලොවැකියා ප්‍රගතිශීලී පක්ෂයේ සාමාජිකාවක් වන අතර, කිසිදු දේශපාලන අත්දැකීමක් නොමැති තැනැත්තියක්.
පසුගිය වසරේ පෙබරවාරියේදී ස්ලොවැකියාවේ දේශපාලනඥයන් සහ සංවිධානාත්මක අපරාධ අතර සම්බන්ධය සෙවූ ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකු ඝාතනයට ලක්වුණා.
එම සිද්ධිය තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා පෙළඹවූ බවයි සුසානා කපුටෝවා කියා සිටියේ.
ජනාධිපතිවරණයේ දෙවන වටයේදී ඇය සියයට 58 ක ඡන්ද ප්‍රතිශතයක් හිමිකරගත් අතර, ප්‍රවීන දේශපාලනඥයෙකු වූ මාරොස් සෙෆ්කොවික්ට හිමිවූයේ සියයට 42 ක ඡන්ද ප්‍රතිශතයක්.