Gossips

ගින්නකින් අක්කර 10කට වැඩි ප්‍රදේශයක් විනාශ වෙයි

හැටන් රුවන්පුර පිටවින් වතුයායේ හටගත් ගින්නකින් අක්කර 10ක පමණ කොටසක් ගිනිගෙන විනාශ වී තිබෙනවා.
ඊයේ සවස 3ට පමණ හටගත් ගින්න යාබද රුවන්පුර රක්ෂිතයට ද පැතිර යමින් පැවතීම හමුවේ වතු කම්කරුවන් එක්වී එය පාලනය කිරීමට සමත්වු බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
කිසියම් පිරිසක් රක්ෂිතයට ගිනි තබන්නට ඇතැයි සැක කෙරෙනවා.