Gossips

වැල්ලවායේ කන්දකින් භාගයක් ගිනි ගනී (ඡායාරූප)

වැල්ලවාය – කුරුමිණියාගල කදු රක්ෂිතයේ හට ගත් ගින්නෙන් මේ වනවිට අක්කර 200 කට වැඩි ප්‍රමාණයක් පමණ විනාශ වී තිබෙනවා.
අධික සුළං සහ නියං තත්ත්වය හේතුවෙන් ගින්න මැඩපැවැත්වීමට අසීරු වන බවයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සදහන් කළේ.
ගින්න නිවීම සදහා පොලීසිය, ප්‍රදේශවාසීන් සහ ත්‍රිවිධ හමුදාව මැදිහත් වී තිබෙනවා.
කන්දේ එක් ප්‍රදේශයක් ගින්නෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව වැල්ලවාය පොලීසියේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.
ප්‍රදේශවාසීයෙකු සදහන් කළේ සතුන් දඩයම් කිරීමේ අරමුණින් ඇතැම් පුද්ගලයින් මෙලෙස රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවයි.
මේ අතර, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ පවතින වියළි කාලගුණයත් සමග රක්ෂිත ගිනි ගැනීම් පිලිබද තොරතුරු වාර්තා වන බවයි.
එසේම, රක්ෂිත ගිනි තබන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සදහා පොලීසියට උපදෙස් ලබාදී ඇති බව ද එම මධ්‍යස්ථානය සදහන් කළා.

( ඡායාරූප – වැල්ලවාය බණ්ඩාර )