Gossips

ලංකා සිතියමේ ස්ථාන ලක්ෂ 3ක් නම් කෙරේ

මෙරට භූගෝලීය නාම ප්‍රමිතිකරණය කිරීමේ කටයුතු මේ වනවිට රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් අවසන් කර තිබෙනවා.
මිනුම්පති එස්.එම්.පී.පී. සංගක්කාර කියා සිටියේ ඒ අනුව, මෙරට ස්ථාන ලක්ෂ 3 කට අදාළ භූගෝලීය නාම නිර්ණය කර අවසන් බවයි.
ඒ අනුව, ග්‍රාම නාම, පරිපාලන ඒකක නාම, පුරාවිද්‍යා ස්ථාන, පන්සල්, දේවස්ථාන, කෝවිල්, ජල මූලාශ, ඇළ, දොළ, ගංඟා කළපු, වරාය,දූපත් යනාදියෙහි නාම මෙන්ම, මාර්ග සහ මංසන්ධිවල නාම ද නිර්ණය කර තිබෙනවා.
නිසි අනුමැතිය ලත් කණ්ඩායමක් විසින් මෙම භූගෝලීය නාම ප්‍රමිතිකරණය සිදුකර ඇති අතර, ඒවා මහජන අදහස් ලබා ගැනීම සඳහා ද පසුගිය කාල සීමාවේදී අන්තර්ජාලයට එක් කර තිබුණා.