Gossips

බස් රථ දෙකක් ගැටීමෙන් 12කට තුවාල

හලාවත පුත්තලම මාර්ගයේ බංගදෙණිය මංසන්ධියේ සිදුවු බස් රථ අනතුරකින් පුද්ගලයන් 12 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
අද අලුයම සිදුවු මෙම අනතුරින් තුවාල ලැබුවන් ප්‍රතිකාර සඳහා හලාවත රෝහලට ඇතුලත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
කොළඹ සිට වව්නියාව බලා ධාවනය වූ ලංගම බස් රථයක් සහ කොළඹ සිට මන්නාරම දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා.
ලංගම බස් රථය බංගදෙණිය මංසන්ධියේ නතරකර තිබියදී පෞද්ගලික බස් රථය පිටුපසින් පැමිණ එහි ගැටී ඇතැයි සඳහන්.
තුවාල ලැබුවන් අතර පෞද්ගලික බස් රථයේ කොන්දොස්තරවරයා ද වනවා.
පෞද්ගලික බස් රථයේ රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර හලාවත පොලිසියයි විමර්ශණ සිදු කරන්නේ.