දැයේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක වන සමයක කිසිදු බලධාරියෙකුගේ ඇස නොගැටුණු පාසලක් පිළිබඳ තොරතුරු හිඟුරක්ගොඩ – කුමාරගම ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා.
කෙතරම් අඩුපාඩුකම් තිබුණද එම පාසල වසරක් පාසා 5ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළ ප්‍රතිඵල වාර්තා කර තිබීම විශේෂත්වයක්.
වියළි කලාපයේ නව ගොවිජනපද බිහිකිරීමට සමගාමීව 1965 වර්ෂයේදී බිහිකරන ලද අනුර විද්‍යාලයේ එවක අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය දක්වා ඉගැන්වීම් කටයුතු සිදු කර තිබෙනවා.
එහෙත් වර්තමානය වන විට 5 ශ්‍රේණියට පමණක් සීමා වී ඇති අනුර විද්‍යාලයේ ගුරුවරුන් 10 දෙනෙකු යටතේ සිසුන් 90 ක් අධ්‍යාපනය ලබනවා.
කුමාරගම, සිරිකෙතගම ඇතුළු ප්‍රදේශ රැසක සිසුන්ට ඇති මේ ළඟම පාසල අදවන විට හොඳම පාසලක් නොවන්නේ දිනෙන් දින ගරාවැටෙමින් පවතින ගොඩනැගිලි හේතුවෙන්.