Gossips

ශ්‍රීමා දිසානායකගේ දේහයට දේශපාලනඥයින් රැසකගෙන් අවසන් ගෞරව

හිටපු අමාත්‍ය, දිවංගත ගාමිණී දිසානායකගේ බිරිඳ වන අභාවප්‍රාප්ත ශ්‍රීමා දිසානායකගේ දේහයට කතානායක, විපක්ෂ නායක ඇතුළු දේශපාලනඥයින් රැසක් අද අවසන් ගෞරව දැක්වූවා.
දේහය මේ වනවිට කොළඹ විජේරාම මාවතේ පිහිටි නිවසේ තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු කටයුතු ලබන සඳුඳා බොරැල්ල සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.
ශ්‍රීමා දිසානායක ඊයේ කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වූ අතර, මියයන විට ඇයගේ වයස අවුරුදු 77 ක්.
ශ්‍රීමා දිසානායක, අමාත්‍ය නවීන් දිසානායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායකගේ මෑණියන් ද වනවා.
අද පෙරවරුවේ ඇයගේ දේහය කොළඹ විජේරාම මාවතේ පිහිටි නිවසට රැගෙන ආ අතර, දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා කතානායක කරූ ජයසූරිය, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඇතුළු පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් රැසක් එක්ව සිටියා.
මේ අතර, සිංහල සිනමා ගීතයේ රිදී සීණුව වූ අභාවප්‍රාප්ත ඇන්ජලීන් ගුණතිලකගේ දේහය අද පෙරවරුවේ නුගේගොඩ – නාවල පාරේ පිහිටි ඇයගේ නිවසට රැගෙන එනු ලැබුවා.
දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන අඟහරුවාදා පස්වරුවේ බොරැල්ල සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.
ඇන්ජලීන් ගුණතිලකගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා විශාල පිරිසක් එක්ව සිටි අතර, ඒ සඳහාද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ එක්ව සිටියා.
ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා කියා සිටියේ තම පාර්ශවය විපක්ෂයේ සිටින තුරු ආණ්ඩුව ඉතාමත් අවධානයෙන් කටයුතු කළ යුතු බවයි.
එසේම, පසුගියදා පරාජයට පත්වූ අමාත්‍යාංශ වැය ශීර්ෂ දෙක හරහා පෙනී යන්නේ අයවැයේ තුනෙන් එකක් පරාජයට පත්ව ඇති බවයි.