Gossips

ආනයනික කිරි ගවයින් නිසා වළපල්ලට ඇද වැටුණු කිරි ගොවීන්

දේශීය කිරි ගොවියා නගා සිටුවීමට යැයි පවසමින් මෙරටට ගෙන්වූ කිරි ගවයින් හේතුවෙන් වළපල්ලට ඇද වැටුණු කිරි ගොවීන් පිළිබඳ හිරු සී.අයි.ඒ හරහා අප අවස්ථා ගණනාවකදී අනාවරණ කළා.
මෙවන් පසුබිමක් තුළ තවත් කිරි ගවයින් ආනයනය කිරීම සඳහා ආණ්ඩුව පෞද්ගලික ආයතනයකට රුපියල් කෝටි 131ක් ලබාදී ඇති බවට සමස්ත ලංකා ගොවිජන සම්මේලනය චෝදනා කරනවා.
අවස්ථා හතරකදී මෙරටට ඕස්ට්‍රේලියාවෙන් සහ නවසීලන්තයෙන් කිරි ගවයින් 6000 ක් ආනයනය කර ඇති අතර, එම ව්‍යාපෘතියේ තෙවන අදියර ලෙස කිරි ගවයින් 20,000ක් මෙරටට ගෙන ඒමට සැලසුම් කර තිබුණේ රුපියල් බිලියන 115ක් වැය කරමින්.
කෙසේ වෙතත් 2015 වසරෙන් පසු මෙරටට ආනයනය කළ කිරි ගවයින් සඳහා රුපියල් කෝටි 103 ලක්ෂ 75 ක මුදලක් වැයකර ඇත්තේ විවිධ අක්‍රමිකතා මධ්‍යයේ බව නොරහසක්.
නමුත්, මෙතරම් මුදලක් වැය කර නිසි ප්‍රමිතියකින් තොර කිරි ගවයින් ආනයනය කිරීමෙන් දේශීය කිරි ව්‍යාපාරය විනාශ මුඛයට ඇද වැටී ඇති බව හිරු CIA හරහා අවස්ථා ගණනාවකදී අප අනාවරණ කළා.
ප්‍රශ්නගත කිරි ගවයින් ආනයනයේ ප්‍රතිඵල එම ගවයින් මිලදීගත් ගොවිපළවල් තුළින් අදටත් දක්නට ලැබෙනවා.

rn