Gossips

ලෝකය අද මිහිකත හෝරාව සමරයි

බලශක්තිය සුරැකීමේ අගය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ මිහිකත හෝරාව ලෝකවාසීන් අද විවිධ කාලවිරාම වලදී සමරනු ලබනවා.
ලොව ප්‍රකට ස්මාරක ගොඩනැගිලි ආශ්‍රිතව මෙන්ම, නිවෙස්වල පවා පැය කාලයක් විදුලි පහන් නිවා මෙලෙස මිහිකත හෝරාව සැමරීම වසරක් පාසා සිදුකෙරෙන්නක්.
ලෝක කාලගුණ වෙනස පිලිබදව අවබෝධයක් සහිතව අනවශ්‍ය විදුලි පහන් නිවා දැමීමට සහ අත්‍යාවශ්‍ය නොවන විදුලි උපකරණ භාවිතයෙන් වැළකී සිටීමට ජනතාව දිරිගැන්වීම මෙහි අරමුණයි.
එමෙන්ම, ලෝකයේ වෙනසකට දිගු කාලීනව දායකත්වයක් දැක්වීම සදහා සියල්ලන්ට අවස්ථාවක් හිමිකර දීම ද මිහිකත හෝරාව මගින් සිදුවනවා.
මෙවර ශ්‍රී ලංකාවේ මිහිකත හෝරාව සැමරිය යුතු වන්නේ අද රාත්‍රී 8.30 සිට 9.30 දක්වා විදුලි පහන් නිවා දැමීමෙන්.