Gossips

නෙල්ලිඅඩි ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් යතුරුපැදිකරුවෙකු මරුට

නෙල්ලිඅඩි – කොඩිකාමම් මාර්ගයේ නෙල්ලිඅඩි – මුන්ඩාන් බෝක්කුව අසලදී සිදුවූ රිය අනතුරකින් 65 හැවිරිදි පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
යතුරුපැදියක් පාලනය කර ගත නොහැකිව බෝක්කුවෙන් පහළට වැටීමෙන් ඊයේ මෙම අනතුර සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.
අනතුරෙන් තුවාල ලැබූ යතුරුපැදිකරු බරපතල තත්ත්වයෙන් පේදුරුතුඩුව මන්දිගායි රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.