Gossips

ෆේස්බුක් ලයිව් සීමා කිරීමට සැරසෙයි

ෆේස්බුක් ලයිව් හෙවත් ෆේස්බුක් වෙබ් අඩවිය හරහා සජීවි ලෙස ක්‍රියාකාරකම් විකාශය කිරීමේ පහසුකම සීමා කිරීමට ෆේස්බුක් ආයතනය තීරණය කර තිබෙනවා.
ඒ ක්‍රයිස්චර්ච් ප්‍රහාරයේදී සුදු ජාතික අන්තවාදී ත්‍රස්තවාදියා සිය ප්‍රහාරය සජීවි ලෙස සමාජ මාධ්‍යය ඔස්සේ විකාශය කිරීමේ සිද්ධියෙන් අනතුරුවයි.
ඉන්පසු, ඒ සඳහා යම් පියවරක් ගන්නා ලෙස ෆේස්බුක් ආයතනයට එල්ල වූයේ දැඩි බලපෑමක්.
ඒ අනුව, ඉදිරියේදී ෆේස්බුක් ලයිව් විකාශය සඳහා ප්‍රජාවන්හි ප්‍රමිතීන් උල්ලංඝනය කරන සාධක පිළිබඳ අවධානය යොමුකරන බව ෆේස්බුක් ආයතනය ප්‍රකාශ කළා.
එමෙන්ම, එම පහසුකම භාවිත කිරීමට ඉඩ ඇති පුද්ගලයන් පිළිබඳව ද ගවේෂණයක නිතර වන බව එහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරිනි ෂෙරිල් සැන්ඞ්බර්ග් කියා සිටියා.