Gossips

විදුලි අර්බුදයෙන් අපනයනයටත් බලපෑම්

වර්තමානයේ පවතින විදුලි අර්බුදය මෙරට අපනයනයන් කෙරෙහි දැඩි අහිතකර බලපෑමක් එල්ල කරන බව අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය පවසනවා.
විශේෂයෙන් කලින් දැනුම් දීමකින් තොරව පසුගිය දා ක්‍රියාත්මක වූ විදුලි කප්පාදුව අපනයනය ඉලක්ක කර ගත් නිෂ්පාදන ක්‍රියාවලියට අහිතකර ලෙස බලපා ඇති බවයි එමගින් පෙන්වා දෙන්නේ.
අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය වත්මන් විදුලි අර්බුදය හැදින්වූයේ ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ සහ අදාළ රාජ්‍ය ආයතනවල අසමත්වීමක් ලෙසයි.
විදුලිය ගබඩා කිරීමේ තාක්ෂණය පවතින යුගයක මෙවන් තත්ත්වයක් අපේක්ෂා කළ නොහැකි බව පෙන්වා දෙන ඔවුන් කියා සිටියේ විදුලි ව්‍යාපෘතිවල වගකීම් ඒ පිළිබද දැනුවත් පුද්ගලයන් වෙත පැවරිය යුතු බවයි.