Gossips

රුසියානු ජනපතිගෙන් මිසයිලයක් ගැන ඉඟියක්

රුසියාව පරාජයට පත්කළ නොහැකි මිසයිලයක් නිර්මාණය කරමින් පවතින බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.
ජනාධිපති ව්ලැද්මීර් පුටින් කළ ප්‍රකාශයක් පදනම් කර ගනිමිනුයි මෙම කරුණු හෙළිවී ඇත්තේ.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත රුසියා ජනාධිපතිවරණය වෙනුවෙන් පැවති ප්‍රචාරක රැළියකදී ඔහු මිසයිලය පිළිබඳ කරුණු හෙළිකර තිබෙනවා.
නවතම අවි ආයුධ පිළිබඳව මෙන්ම ලොව ඕනෑම ස්ථානයකට ළගාවිය හැකි මිසයිලයක් සම්බන්ධයෙන් ද රුසියානු ජනාධිපතිවරයා සිය කතාවේ දී කරුණු දක්වා ඇති බවයි විදෙස් පුවත් සේවාවල දැක්වෙන්නේ.
යුරෝපයේ සහ ආසියානු කලාපයේ ක්‍රියාත්මක අමරිකානු ආරක්ෂක පද්ධතිවලට හෝ මෙම මිසයිලය නතර කළ නොහැකි බව ව්ලැද්මීර් පුටින් ප්‍රකාශකර තිබෙනවා.
න්‍යෂ්ඨික බලය සහිත අවි දෙකක්, මිසයිල මෙන්ම නියමුවන් රහිත සබ්මැරීන පිළිබඳව ද කරුණු දක්වමින් තම රටේ යුද ශක්තිය පිළිබඳ රුසියානු ජනපතිවරයා මෙහිදී කරුණු දක්වා ඇතැයි සඳහන්.
උතුරු කොරියාවේ මිසයිල පිළිබඳ ලෝකයේ දැඩි අවධානයක් යොමුවී ඇති මොහොතක රුසියානු ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ද දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.
උතුරු කොරියාව ගෙන යන න්‍යෂ්ඨික වැඩපිළිවෙලට අමරිකාව දැඩි විරෝධයක් පළ කරන අතර ඊට රුසියාව ද සහයෝගය දක්වනවා.