Gossips

රත්මලාන අංජුගේ ගෝලයෙකු ඇතුළු තුන් දෙනෙකු හෙරොයින් සමඟ අත්අඩංගුවට

රත්මලාන – කොතලාවලපුර ප්‍රදේශයේදී ජාවාරම් කිරීම සඳහා හෙරොයින් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ පස්වරුවේ විශේෂ කාර්ය බලකාය මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුවන් ළඟ තිබී හෙරොයින් ග්‍රෑම් 109කට වැඩි ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර, එහි වටිනාකම රුපියල් ලක්ෂ 10ක් බව සඳහන්.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතරින් ප්‍රධාන සැකකරු සිංහාරගේ අමල් සමින්ද සිල්වා හෙවත් රත්මලානේ අංජු නැමැති පාතාල කල්ලි සාමාජිකයාගේ ගෝලයෙකු බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.