Gossips

වියළි කාලගුණයෙන් 56,000 කට පීඩා

ජල විදුලි බලාගාර මගින් දෛනිකව නිෂ්පාදනය කෙරෙන ගිගාවොට් 15 ක් වන විදුලි ධාරිතාව, ගිගාවොට් 5 දක්වා පහත බැස ඇති බව විදුලිබල මණ්ඩලය පවසනවා.
මේ අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ පවතින වියළි කාලගුණික තත්ත්වය තවදුරටත් පැවතිය හැකි බවයි.
දිවයිනේ දිස්ත්‍රික්ක 6 කට බලපා ඇති වියළි කාලගුණය හේතුවෙන් පවුල් 15,803 කට අයත් 56,017 දෙනෙකු පීඩාවට පත්ව තිබෙනවා. ගෙවුණු පැය 24 තුළ සෙල්සියස් අංශක 37 ක උපරිම උෂ්ණත්වයක් කුරුණෑගලින් වාර්තා වුණා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් බලාපොරොත්තු විය හැකි වන්නේ මැයි 20 වැනිදායින් පසුව බවයි.
මේ හේතුවෙන් විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම තවදුරටත් පහත බසිමින් පවතින බව විදුලිබල මණ්ඩල දත්ත වාර්තාවලින් පෙනී යනවා.
මේ අතර, ජලාශ ආශ්‍රිත ප්‍රදේශවලට වැසි ලැබෙන ලෙස ඉල්ලා විදුලිබල මණ්ඩලය වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත පැන් පූජා කිරීමේ මහෝත්සවය පෙරේදා පස්වරුවේ පැවැත්වුණා.