ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ පැවති තරඟයකදී රාජස්ථාන් රෝයල්ස් පිළ පරදවා කඩුළු 5ක ජයක් ලැබීමට සන්රයිසස් හයිද්‍රාබාද් පිළ සමත් වුණා.
රාජස්ථාන් පිළ කඩුලු 02ක් දැවී ලකුණු 198ක් රැස් කළ අතර එහිදී යොවුන් ක්‍රීඩක සංජු සැම්සන් නොදැවී ලකුණු 102ක් රැස් කිරීම විශේෂත්වයක්.
මෙම ශතකය මෙවර තරඟාවලියේ වාර්තා වූ පළමු ශතකය ද වනවා.
කෙසේ නමුත්, තහනමින් පසු නැවත පිටියට පිවිසි ඩේවිඩ් වෝනර් පන්දු 37කදී ලකුණු 69ක් රැස් කළ අතර
ලකුණු 45ක් ලබා ගත් ජොනී බැරිස්ටෝ සමඟ ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ලකුණු 110ක සම්බන්ධතාවක් ගොඩනැගුවා.
හයිද්‍රාබාද් ඉනිමේ 19 වන පන්දුවාරයේ අවසන් පන්දුවට රෂීඩ් ඛාන් එල්ල කළ දැවැන්ත හයේ පහරත් සමඟ කඩුලු 05ක් පමණක් දැවී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම මෙම තරඟ ජය ගත්තා.
රාජස්ථාන් පිළ ඊයේ ලද මෙම පරාජයත් සමඟ ඔවුන් මේ වනවිට සහභාගී වූ තරඟ දෙකම පරාජයට පත්ව තිබෙනවා.