Gossips

නිදහස් පක්ෂයේ මැයි රැළිය ගම්පහදී

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයිදින රැලිය ගම්පහ නාගරික ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර කියා සිටියේ ඊයේ පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින සංවිධායක කමිටු රැස්වීමේදී මෙම තීරණයට එළඹි බවයි.
මැයි දින උත්සවයේ සංවිධාන කටයුතු වෙනුවෙන් විශේෂ කමිටු 7 ක් පත් කිරීමට ද මෙහිදී තීරණය වී තිබෙනවා.