Gossips

බ්‍රිතාන්‍ය අගමැතිනිය තුන් වන වරටත් පරදී

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන් විය යුතු බ්‍රික්සිටි ගිවිසුමේ කොන්දේසි පිළිබදව එරට පාර්ලිමේන්තුවේ තුන් වන වරටත් පැවති ඡන්ද විමසීමෙන් අගමැතිනී තෙරේසා මේ, පරාජයට පත්වී තිබෙනවා.
බ්‍රික්සිටි ගිවිසුමේ කොන්දේසි යුරෝපා සංගමය සමඟ සාකච්ඡා කර එකඟතාවකට පැමිණුනේ ඇයයි.
මීට පෙර දෙවරක්ම ඇය එම ගිවිසුම පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කළ විට පරාජයට පත්වූ අතර, ඊයේ එය මන්ත්‍රීවරුන් ප්‍රතික්ෂේප කළේ ඡන්ද 344ට 286ක් ලෙසයි.
ඒ සමඟම බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීමේ ක්‍රියාවලිය මෙන්ම තෙරේසා මේ, ගේ අග්‍රාමාත්‍ය ධුරය ද අවදානමට ලක්ව ඇති බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.