Gossips

ඇමරිකාව, උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවි ඉල්ලූ බව හෙළිවෙයි

උතුරු කොරියානු නායක කිම් ජොං අන් සමඟ පසුගිය පෙබරවාරි 28 වන දා වියට්නාමයේ හැනොයි නුවර පැවති සාකච්ඡා බිද වැටුණේ ඇමරිකාව විසින් උතුරු කොරියානු න්‍යෂ්ටික අවි ඉල්ලා සිටීම නිසා බව රොයිටර් හෙළිදරව් කරනවා.
එම හමුවේදී ජනපති ට්‍රම්ප්, උතුරු කොරියානු නායකයා වෙත ඉංග්‍රීසි සහ කොරියානු භාෂාවලින් ලිපියක් භාර දී ඇති අතර එහි සඳහන්ව ඇත්තේ උතුරු කොරියාව සතු සියළුම න්‍යෂ්ටික අවි සහ අමුද්‍රව්‍ය ඇමරිකාව වෙත භාර දෙන ලෙසයි.
න්‍යෂ්ටික අවි හරණය සඳහා ඇමරිකානු ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් එම ක්‍රමවේදය ලිබියාව සඳහා ද ක්‍රියාත්මක කර තිබෙනවා.
කෙසේ නමුත් එම ඉල්ලීම තමන්ට කළ සරදමක් සහ තර්ජනයක් ලෙස කිම් ජොං අන් විසින් සැලකීම වියට්නාම සාකච්ඡා බිඳ වැටීමට හේතු වූ බව ද රොයිටර් පුවත් සේවය සඳහන් කළේ අදාළ ලියවිල්ල දැක ගැනීමෙන් අනතුරුවයි.