Gossips

දෛනික ජල විදුලි නිෂ්පාදනය පහතට – වියළි කාලගුණය තවදුරටත්

ජල විදුලි බලාගාර මගින් දෛනිකව නිෂ්පාදනය කරන ගිගාවොට් 15ක් වන විදුලි ධාරිතාව ගිගාවොට් 5 දක්වා පහත බැස ඇති බව විදුලිබල මණ්ඩලය පවසනවා.
මේ අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ පවතින වියලි කාලගුණික තත්ත්වය තවදුරටත් පැවතිය හැකි බවයි.
දිවයිනේ දිස්ත්‍රික්ක 6 කට බලපා ඇති වියළි කාලගුණය හේතුවෙන් පවුල් 15803 කට අයත් පුද්ගලයින් 56017 ක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
අද පස්වරු 8.30 න් අවසන් වූ ගෙවුණු පැය 24 තුළ සෙල්සියස් අංශක 37ක උපරිම උෂ්ණත්වය කුරුණෑගලින් වාර්තා වුණා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් බලාපොරොත්තු විය හැක්කේ මැයි මස 20න් පසුව බවයි.
මේ හේතුවෙන් විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම තවදුරටත් පහත බසිමින් පවතින බව විදුලි බල මණ්ඩල දත්ත වාර්තා පවසනවා.
මේ අතර ජලාශ ආශ්‍රිත ප්‍රදේශවලට වැසි ලැබෙන ලෙස ඉල්ලා විදුලි බල මණ්ඩලය වාර්ෂිකව සංවිධාන කරන ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත පැන් පුජා කිරීමේ මහෝත්සවය ඊයේ පස්වරුවේ පැවැත්වුණා.
මේ අතර පවතින විදුලි අර්බුධය සම්බන්ධයෙන් අදත් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් විවිධ අදහස් පළවුනා.