Gossips

චම්පිකට සහ වජිරට ඉල්ලා අස්වන්නැයි විපක්ෂය කියයි

තම අමාත්‍යාංශයේ සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ වැය ශිර්ෂ පරාජයට පත්වුණේ ආණ්ඩුවේ නොසැලකිල්ල නිසා බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා.
කෙසේ වෙතත්, වැය ශීර්ෂ පරාජය වීම හේතුවෙන් අමාත්‍යවරුන් දෙදෙනා ඉල්ලා අස්විය යුතු බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද ප්‍රකාශ කළේ.
පාඨලී චම්පික රණවක අමාත්‍යවරයාගේ මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ සියල්ල ඊයේ පරාජය වූ අතර, ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ කිහිපයක් හැර අනෙකුත් වැය ශීර්ෂ ද වැඩි ඡන්දයෙන් පරාජය වුණා.
මේ අතර, පාර්ලිමේන්තුවේදී වැය ශීර්ෂ පරාජයට පත්වූ අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක සහ වජිර අබේවර්ධන සිය අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්විය යුතු බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ කියා සිටියේ.