Gossips

ජනප්‍රිය පාසල් යන සම්මතය පරිවර්තනයකට ලක්විය යුතු කාලය එළැඹ ඇතැයි ජනපති කියයි

නගරයේ පාසල්වලට පමණක් සම්පත් ලබාදීම මගින් ඇතිවූ ජනප්‍රිය පාසල් යන සම්මතය පරිවර්තනයකට ලක්විය යුතු කාලය එළැඹ ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
"ළඟම පාසල – හොඳම පාසල" ජාතික වැඩසටහන ක්‍රියාවට නැංවූයේ දිවයිනේ සියලු පාසල්වලට බේදයකින් තොරව සම්පත් ලබාදෙමින් සියලූ දරුවන්ට සම අධ්‍යාපන අයිතීන් දිනා දීමට බවයි ජනාධිපතිවරයා කියාසිටියේ.
පොළොන්නරුව හතරඇළ සීවලි ආදර්ශ කණිෂ්ඨ විද්‍යාලයේ පැවති උත්සවයකට අද (29) පෙරවරුවේ එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළකළා.
මේ අතර "ළඟම පාසල හොඳම පාසල" ජාතික වැඩසටහන යටතේ පොළොන්නරුව, කදුරුවෙල නගර මහා විද්‍යාලයේ ඉදිකරන ලද තෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල අද (29) සිසු අයිතියට පැවරීම ද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුනා.
එහිදී පැවති උත්සවය අමතමින් මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ යහපත් සමාජයක් සහ යහපත් රටක් ගොඩනැගීමට දණ්ඩනය අත්‍යාවශ්‍ය වන අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ද මරණ දණ්ඩනය ලබාදීමට තමා තීරණය කළේ ද ඒ හේතුවෙන් බවයි.