Gossips

බලංගොඩ මව සහ දරුවා සියදිවි හානිකර ගැනීමේ සිද්ධියේ කරුණු රැසක් හෙළිවෙයි

ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගත් 26 හැවිරිදි මවක් සහ පස් හැවිරිදි පිරිමි දරුවෙකුගේ සිරුරක් පසුගියදා බලංගොඩ – කපුවත්ත – මහවලතැන්න ප්‍රදේශයේ නිවසකින් සොයා ගත්තා.
පොලිසියට ලද තොරතුරක් මත පසුගිය 27 වනදා රාත්‍රියේ මෙම මළ සිරුරු සොයාගත් බලංගොඩ පොලීසිය සඳහන් කළේ.
මළ සිරුරු සම්බන්ධයෙන් සිදුකළ මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ ගෙළ වැළලා ගැනීමට පෙර මව විසින් පස් හැවිරිදි සිය දරුවාට වස පොවා ඇති බවයි.
ඉන් අනතුරුව ඇය ද වස පානය කර ඇති අතර පසුව දෙදෙනාම මෙලෙස ගෙළ වැළලාගෙන ඇති බව අනාවරණය වී ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.
සිද්ධිය සිදුවන අවස්ථාවේ මියගිය කාන්තාවගේ ස්වාමි පුරුෂයා නිවසේ සිට නොමැති අතර, ඔහුගේ මව විසින් පළමුව මෙම මළ සිරුරු දැක තිබෙනවා.
මොවුන් දෙදෙනා මෙලෙස සියදිවි හානිකර ගැනීමට හේතුව තවමත් හෙළිවී නොමැති බවයි බලංගොඩ පොලීසියේ උසස් නිලධාරියෙකු අප කළ විමසීමකදී ප්‍රකාශ කර සිටියේ.