Gossips

ජංගා සහ රොටුඹ අමිල රිමාන්ඩ්

මාකඳුරේ මධූෂ් සමඟ ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන පිටුවහල් කිරීමෙන් පසු ඊයේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයට ගැනුණු අනුෂ්ක කව්ෂාල් හෙවත් ජංගා ලබන මස 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ, ඔහු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය අද වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
එදිනට සැකකරු මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසද එහිදී විනිසුරුවරිය නියෝග කර තිබෙනවා.
ජංගාගේ ගන්දර – තලල්ලේ පිහිටි නිවසේ තිබී හමුදා නිල ඇඳුම්වලට සමාන ඇඳුම් තොගයක් පසුගියදා සොයාගැනුණේ ටී-56 වර්ගයේ උණ්ඩ තොගයක්ද සමඟයි.
එමෙන්ම, ඊයේ කටුනායක ගුවන් තොටුපලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත් අමිල සම්පත් හෙවත් රොටුඹ අමිල නැමැත්තා ද මොරවක මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.