Gossips

බලපත්‍ර නොමැතිව මසුන් ඇල්ලූ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට

වලංගු බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී අයුරින් මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු කල්පිටිය – බත්තලංගුණ්ඩුව මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සිදුකළ මුර සංචාරයක් අතරතුරදී ඊයේ අත්අඩංගුවට ගත් ධීවරයින් දෙදෙනා කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන්.
එහිදී ඔවුන් ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රා දෙකක් සහ ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා සැකකරුවන් පුත්තලම ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දී තිබෙනවා.