දකුණු අප්‍රිකාවේදී සැලසුම්සහගතව පන්දුව පළුදු කිරීමේ චෝදනාවලට ලක්වී වසරකට ආසන්න කාලයක් ක්‍රිකට් තහනමකට ලක්ව සිටි ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් වූ ස්ටීවන් ස්මිත් සහ ඩේවිඩ් වෝනර් අද එකිනෙකාට එරෙහිව පිටියට පිවිසෙනවා.
ඒ, අයි.පී.එල්. තරගාවලියේ අද පැවැත්වෙන සන්රයිසස් හයිද්‍රාබාද් සහ රාජස්ථාන් රෝයල්ස් අතර තරඟයෙන්. එහිදී ඩේවිඩ් වෝනර්, හයිද්‍රාබාද් පිළ නියෝජනය කරන අතර ස්ටීවන් ස්මිත් රාජස්ථාන් පිළ නියෝජනය කරනවා.
තහනම නිමාවීමෙන් පසු ඔවුන් සිය අයි.පී.එල්. කණ්ඩායම් වෙනුවෙන් පිටියට පිවිසි නමුදු ස්මිත් සහ වෝනර් දෙදෙනාම එකිනෙකාට එරෙහිව තරඟ වදින්නේ අද ප්‍රථම වතාවටයි.
මෙවර අයි.පී.එල්. තරගාවලියට එක්වීමෙන් පසු ඔවුන් දෙදෙනාම සුපුරුදු දස්කම්වලට පැමිණෙන අයුරු ප්‍රදර්ශනය වූ බවයි ක්‍රීඩා මාධ්‍ය සඳහන් කළේ.
ස්මිත් සහ වෝනර් අයි.පී.එල්. තරගාවලියේදී අඛණ්ඩව දස්කම් දැක්වූ ක්‍රීඩකයන් දෙදෙනෙක්.