Gossips

කොළඹ පුදුමයට පත්කළ මෙහෙයුම

කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකය විසින් වාර්ෂිකව සංවිධානය කරන අපදා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අභ්‍යාසය අද (29) ජාතික රෝහල් පරිශ්‍රය තුළ සිදු කෙරුණා.
මෙහි අරමුණ වන්නේ, හදිසි අපදා තත්වයකදී ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ කාර්ය මණ්ඩලයට ක්‍රියාකළ යුතු ආකාරය සඳහා පුහුණුවක් ලබා දීමයි.
මෙවර ඔවුන්ගේ අභ්‍යාසය වී තිබුනේ බස්රථයක බෝම්බයක් පුපුරාගිය අවස්ථාවක, තුවාල ලැබූවන්ට සහ මියගිය පිරිස් වෙනුවෙන් ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් දැනුවත් කිරීමයි.
ඒ අනුව කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ නිලධාරීන් පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ සහාය ඇතිව කළ අභ්‍යාසය පහතින්.