Gossips

2009න් පසු ඉහළම තෙල් මිල වැඩිවීම පළමු කාර්තුවේදී

ඔපෙක් සංවිධානය නිෂ්පාදනය කප්පාදු කිරීමත්ල වෙනිසියුලාවට සහ ඉරානයට එරෙහිව පැනවුණු සම්බාධකත් හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.
ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිල අද ඩොලර් 60කට ආසන්න වූ අතර බ්‍රෙන්ට් වර්ගයේ තෙල් බැරලයක මිල ඩොලර් 68 ඉක්ම වූවා.
ඒ අනුව මේ සතිය තුළ බ්‍රෙන්ට් තෙල් බැරලයක මිල සියයට 1.7කින් ඉහළ ගොස් ඇති අතර වසරේ පළමු කාර්තුව තුළ සියයට 27කින් මිල ඉහළ ගොස් තිබෙනවා. එය 2009 වසරෙන් පසු කාර්තුවකදී ලෝ්ක වෙළදපොළේ තෙල් මිල ඉහළ ගිය වැඩිම ප්‍රතිශතයයි.