Gossips

අනවසර විදුලි රැහැනක ගැටී පුද්ගලයෙකු මරුට (ඡායාරූප)

තලවකැලේ ප්‍රදේශයේ එළවලූ කොරටුවක ආරක්‍ෂාවට ඇද තිබු අනවසර විදුලි රැහැනක ගැටි එම ගොවිපළේ හිමිකරු මියගොස් තිබෙනවා.
තලවකැලේ පොලිසිය පැවසුවේ අද (01) දහවල් මෙම අනතුර සිදුවී ඇති බවයි.
මෙලෙස මියගොස් ඇත්තේ තලවාකැලේ වටගොඩ මැදකුඹුර ප්‍රදේශයේ 68 හැවිරිදි දෙදරු පියෙක්.
පශ්චාත් මරණ පරික්‍ෂණය අද(01) නුවරඑළිය මුලික රෝහලේදී සිදුකිරීමට නියමිතයි


( ඡායාරූප – හැටන් රංජිත් රාජපක්ෂ )