Gossips

මැයි දිනය ගැන නිදහස් පක්ෂ විශේෂ සාකච්ඡාවක් අද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සහ මැයි දිනය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.
අදාළ සාකච්ඡාව පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වෙන බවයි නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.