Gossips

අත්අඩංගුවට ගත් මත්කුඩු, මාධ්‍ය ඉදිරියේ විනාශ කිරීමට ජනපතිගෙන් නියෝග

මෙරට ආරක්ෂක අංශ අත්අඩංගුවට ගත්, අධිකරණ ක්‍රියාවලිය අවසන් කළ, දැනට විනාශ කිරීමට හැකියාව පවතින මත්ද්‍රව්‍ය අප්‍රේල් 01 වැනිදා මාධ්‍ය ඉදිරියේ විනාශ කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අදාළ අංශ වෙත නියෝග කර තිබෙනවා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්.
මේ අතර, කොස්ගම පොලිස් ස්ථානයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය විකිණීම සිදුකරන සහ ළඟ තබා ගන්නා පුද්ගලයින් පිළිබදව දැඩිව නීතිය ක්‍රියාත්මක කර ඔවුන් පුනරුත්ථාපනය කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙලක් ද සකස් කරන බවයි.