Gossips

බස්නාහිර නිල් කරන බස් ගැන, සංගම්වලින් අනතුරු ඇඟවීමක්

බස් කර්මාන්තයට අවශ්‍ය පහසුකම් ලබා නොදී බස් රථ නිල් පැහැ ගැන්වීමට බලපෑම් කළහොත් බස්නාහිර පළාත තුළ දැවැන්ත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.
බස්නාහිර පළාතේ මගී ප්‍රවාහනයේ යෙදෙන බලපත්‍රලාභී පෞද්ගලික බස් රථවල වර්ණය ලා නිල් පාට විය යුතු බවට පවතින නීතිය අප්‍රේල් 1 වන දා සිට බලාත්මක කරන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහනය අධිකාරියේ සභාපති තුසිත කුලරත්න මීට පෙර ප්‍රකාශ කළා.
කෙසේ වෙතත්, ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ තම සේවා පහසුකම් ලබා නොදී නිල් පැහැ ගැන්වීමට බලපෑම් කළහොත් වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි.