ඩුබායි හිදී අත්අඩංගුවට ගැනුණු මාකඳුරේ මධූෂ්, ගායන ශිල්පී අමල් පෙරේරා ඇතුළු සාදයට සහභාගි වූ සියළු දෙනා මෙරටට පිටුවහල් කිරීමට ඩුබායි රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඔවුන් නුදුරු දිනකදී මෙරටට පිටුවහල් කරනු ඇති.
එලෙස මධූෂ් සමඟ අත්අඩංගුවේ සිට මෙරටට පිටුවහල් කිරීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි පාතාල කල්ලි නායක කංජිපානි ඉම්රාන් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබුවා.
මෙතෙක් සිදුකරන ලද විමර්ශනවලදී මනුෂ්‍ය ඝාතන 03 කට සහ පුද්ගලයින් 15 දෙනෙකු ඝාතනයට තැත් කිරීමේ සිද්ධීන්වලට මෙන්ම විෂ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියා.
ඊයේ උදෑසන 6.20 ට ඩුබායි සිට පැමිණි ෆ්ලයි ඩුබායි ගුවන් සේවයට අයත් යානයකින් කංජිපානි ඉම්රාන් සමඟ මධූෂ්ගේ සාදයේ සිටියදී ඩුබායි පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන පිටුවහල් කළ තවත් සැකකරුවන් තුන් දෙනෙකුද පැමිණියා.
එහිදී කටුනායක ගුවන් තොටුපලේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත් ඔවුන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කෙරුණු අතර, එම පරීක්ෂණ සඳහා කටුනායක ගුවන් තොටුපල මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සහය ද ලබා ගැනුණා.
කටුනායක ගුවන් තොටුපළට පැමිණි කංජිපානි ඉම්රාන් සහ සේපාල රත්නායකගේ අමිල සම්පත් නැමැත්තා ශ්‍රී ලංකාව හරහා මාලදිවයින වෙත යාමට එහි සංක්‍රමණික මගී පර්යන්තයේ රැඳී සිටියදියි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් භාරයට පත්වුණේ.