වංචාවට සහ දූෂණයට එරෙහි තම ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ජනතාවට අවශ්‍ය සංවර්ධන වැඩපිළිවෙළ අක්රමිකතාවයෙන් තොරව, නිවැරදිව සහ විනිවිදභාවයෙන් යුතුව ඉදිරියට ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකසන බවයි පොළොන්නරුව, ගිරිතලේ ජනපදය කණිෂ්ඨ විද්‍යාලයේ නව පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.
මේ අතර පොළොන්නරුව, හිගුරක්ගොඩ යෝධඇළ මහා විද්‍යාලයේ දෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීම අද පෙරවරුවේ ජනාධිපතිවරයා අතින් සිදු කෙරුනා.
එහිදී පැවති උත්සව සභාව ඇමතූ ජනාධිපතිවරයා කියාසිටියේ වියළි කලාපයේ වැව් 2400 ක් සංවර්ධනය කිරීමේ වැඩසටහන මෙම වසරේ අරඹන බවයි.
ඒ යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පමණක් වැව් 123ක ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකෙරෙන බව මෛත්‍රීපාල සිරිසේන මහතා කියාසිටියා.
ඒ අනුව වසර හැටකට වැඩි කාලයක් දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණදුන් ජලය පිළිබද ගැටලූව මෙම වසර අවසන්වන විට ස්ථීර වශයෙන්ම අවසන් වනු ඇති බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.