මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවට ජනාධිපතිවරයාගේ අනුදැනුමකින් තොරව අත්සන් කළ ජිනීවාහි ශ්‍රී ලංකා තානාපතිවරයා කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර මේ බව කියා සිටියා.
මේ අතර, 16 කණ්ඩායම ද කොළඹ අද මාධ්‍ය හමුවක් කැදවා තිබූ අතර ඊට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක කියා සිටියේ ජිනිවාහි ශ්‍රී ලංකා තානාපතිවරයාට දඩුවම් ලබාදීමට කටයුතු කළ යුතු බවයි.