Gossips

විදුලිබල අමාත්‍යාංශ ලේකම් ජනපති කොමිසමට

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ 2015 – 2018 කාලයේ රාජ්‍ය ආයතනවල වංචා සොයන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව ඉදිරියේ අද පෙනී සිටියා.
පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීම සහ බලාගාර සදහා ඉන්ධන ගෙන්වීමේදී සිදුවන වංචාවක් පිළිබදව අමාත්‍ය පාඨලී චම්පික රණවක කළ දැනුවත් කිරීමක් අනුව ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් සොයා බලන ලෙස එම කොමිසමට දැනුම්දී තිබුණා.
ඒ අනුවයි, අද දිනයේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් පැය එකහමාරකට අධික කාලයක් ප්‍රකාශ සටහන් කර ගැණුනේ.
ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව යලි ලබන අගහරුවාදා දිනයේ ජනාධිපති කොමිෂන් සභාවේ පොලිස් විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටින ලෙස ද ඔහුට දැනුම්දී තිබෙනවා.