Gossips

පොලිසියට නව නිල ඇඳුමක් හඳුන්වාදෙන බව ජනපති කියයි

පොලිස් නිලධාරීන්ට නව නිල ඇඳුමක් හඳුන්වාදීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ඒ සම්බන්ධයෙන් අදාළ අංශ සමග සාකච්ඡා කරන බවයි ජනාධිපතිවරයා කියාසිටියේ.
පොලිසිය පිළිබඳ ජනතාව තුළ පවතින අයහපත් ආකල්ප වෙනස් කරමින් ගුණාත්මක සහ ගෞරවාන්විත සේවාවක් ගොඩගැනීමට පොලිසිය තුල සිදු කරන අභ්‍යන්තර වෙනස්කම්වල තවත් පියවරක් ලෙසට මෙලෙස නිල ඇඳුමේ ද යම් වෙනසක් සිදු කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පෙන්වා දුන්නා.
ඔහු මෙම අදහස් පළ කළේ කොස්ගම පොලිසියේ අද පැවති උත්සවයකට එක්වෙමින්.
තමා පොලිස් දෙපාර්තමේන්තුව භාර ගැනීමෙන් පසු ගතවූ මාස කිහිපය තුල එහි ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ මෙන්ම අභ්‍යන්තරව සිදු කළ යුතුව තිබු වෙනස්කම් රැසක් සිදු කිරීමට ද පියවර ගත් බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.
රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම මෙන්ම මහජන සුබසාදන සේවාවන්වලදී පොලිසිය ඉටු කරන සේවය ද ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක්වුනා.