Gossips

කංජිපානි ඉම්රාන් කොළඹ අපරාධ කොට්ඨාශයට

ඩුබායි රාජ්‍යයේ පිටුවහල් කිරීමෙන් පසු කටුනායක ගුවන් තොටුපලේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගැනුනු ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන් වැඩිදුර ප්‍රශ්න කිරීම සදහා කොළඹ අපරාධ කොට්ඨාශය වෙත භාරදීමට නියමිතයි.
දැනට ඔහු ඇතුළු සෙසු පුද්ගලයින් 4 දෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවනවා.
කංජිපානි ඉම්රාන් අද උදෑසන 6.20 ට ඩුබායි සිට මෙරටට පැමිණ ඇති අතර, ශ්‍රී ලංකාව හරහා මාලදිවයින වෙත යාමට ගුවන් තොටුපලේ සංක්‍රමණික මගී පර්යන්තයේ රැඳී සිටියදියි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් භාරයට පත්වුණේ.